ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ සේවා කාලය නිමා වීමට නියමිතව තිබුණේ 2026 දෙසැම්බරයේ දී වන නමුත් ඊට හය මසකට පෙර එනම්, 2026 ජූලි මාසයේ දී ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වන බවට වන නිල ලිපිය මීට දෙසතියකට පෙර විදේශ අමාත්‍යාංශයට එවා ඇතැයි අමාත්‍යාංශ 06 ආරංචි මාර් සදහන් කරයි.
රජයේ තනතුරු භාර ගැනීමට කිසිදු අදහසක් නැතත් සිය ජාත්‍යන්තර භූමිකාවට අදාළව යෝජනාවී තිබෙන ප්‍රංශ තානාපතිකම භාර ගැනීමේ යම් සුබවාදී ස්ථාවරයක ඔහු සිටින බවද එම ආරංචි මාර්ග කියා සිටී. යුනෙස්කෝව හරහා ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාදීම ඔහුගේ අරමුණ විය හැකි බව ද දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.
මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ඇමෙරිකානු ශ්‍රී ලංකා තානාපතිකම සදහා ජනපති අනුර කුමාර දිසානායක මහතාට සමීප ඔහුගේ විශ්ව විද්‍යාල මිතුරෙකු යොජනාවී තිබෙන බව ද සදහන්ය.
Lanka Newsweek © 2026